2027 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම නොවැම්බර් 20 සිකුරාදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 97කින් සම්මත වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය.
දෙවැනිවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.50ට පැවැත්විණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද ලැබිණි.
'අයවැය කථාව' ලෙස හැඳින්වෙන මෙම පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින 7ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.
ඊළඟ පියවර
පනත් කෙටුම්පත දැන් කාරක සභා අවස්ථාවට යොමු වේ. කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, 2027 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතය.



